Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 පළමු මාස 7ට සංචාරකයන් 763,000ක්; අදායම ඩොලර් මිලියන 800ක්

2023 පළමු මාස 7ට සංචාරකයන් 763,000ක්; අදායම ඩොලර් මිලියන 800ක්

2023 පළමු මාස 7ට සංචාරකයන් 763,000ක්; අදායම ඩොලර් මිලියන 800ක්

මේ වසරේ පළමු මාස හත ඇතුලත සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇතැයිද එයින් ඇමරිකා ඩොලර් මිලියන 800ක අදායමක් ලබාගැනීමට හැකිවූ බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

රටේ ආර්ථිකය ගොඩඟීම සඳහා සංචාරක ක්ෂේත්‍රයද උපරිම වශයෙන් දායකකර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශය ලෙස නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ මහත්මිය සඳහන් කළාය.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම අදහස් පළ කළේ,’ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

සංචාරක කර්මාන්තය නංවාලීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිය යුතු බව කී ඩයනා ගමගේ මහත්මිය මළ නගරවලට (Dead Cities) සංචාරකයන් නොපැමිණෙන බවත් සංචාරකයින්ට සක්‍රීය නගර ඇති කිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් අවධාරණය කළාය.

Exit mobile version