Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැතිසබේ හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් ගැන කාන්තා සංසදය පරීක්ෂණයක් ඉල්ලයි

මැතිසබේ හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් ගැන කාන්තා සංසදය පරීක්ෂණයක් ඉල්ලයි

මැතිසබේ හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් ගැන කාන්තා සංසදය පරීක්ෂණයක් ඉල්ලයි

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් එල්ල වන්නේ යැයි පැවසෙන හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ මේ ගැන තමා විමර්ශනයක් කඩිනමින් පවත්වා සුදුසු පියවර ගන්නා බවයි. සිද්ධිය සුළුකොට නොතකන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

තමන්ට ඇතැම් ප්‍රධානීන්ගෙන් විවිධ හිංසන සහ අඩන්තේට්ටම් සිදුවන බවට පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ තරුණියෝ පිරිසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා පැමිණිලි කළහ.

තමන්ට ඇතැම් ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් කාලාන්තරයක් තිස්සේ විවිධ හිංසනයන් සිදුවන බවත් මෙවැනි කටයුතුවලට අවනත නොවන්නේ නම් විවිධ පළිගැනීම්වලට ලක්කරන බවත් එම සේවිකාවෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවී තමන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටින තරුණියෝ විශේෂ දුරකථන අංකයක්(හොට් ලයින්) හඳුන්වා දුනහොත් මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු රහසිගතව පැවැසීමට සූදානම් බවද සඳහන් කරති.

සමහර සේවිකාවන් තම රැකියා නැතිවේ යැයි යන බියෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පවා බියවී සිටින බව වාර්තා වේ.

මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ගෘහ පාලන අංශයේ තරුණියන්ට සිදුවන්නේ යැයි පැවසෙන අඩම්තේට්ටම් සම්බන්ධයෙන් ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානමින් සිටිති.

Exit mobile version