Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දරුවන්ව ජංගම දුරකථන භාවිතයෙන් ඉවත් කරන්න – UNESCO නිර්දේශයක්

දරුවන්ව ජංගම දුරකථන භාවිතයෙන් ඉවත් කරන්න - UNESCO නිර්දේශයක්

දරුවන්ව ජංගම දුරකථන භාවිතයෙන් ඉවත් කරන්න - UNESCO නිර්දේශයක්

දරුවන් ස්මාට් දුරකතනවල තිරය දෙස දිගු වේලාවක් බලා සිටීමෙන් දරුවන්ගේ චිත්තවේගීය ස්ථාවරභාවය බිඳවැටීම ඇතුළු කරුණු කිහිපයක් මූලික කර ගනිමින් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා හා සංස්කෘතික සංවිධානය විසින් ස්මාර්ට් ජංගම දුරකතන පාසල්වලින් ඉවත් කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

වැඩිපුර වේලාවක් ජංගම දුරකතනය දෙස බලා සිටීම හේතුකොට ගෙන දරුවන්ගේ මානසික යහපැවැත්මට අහිතකර බලපෑමක් සිදුවන බව යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙනවා.

ඒ අනුව ස්මාර්ට් ජංගම දුරකතන පාසල්වලින් ඉවත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ වාර්තාව නිර්දේශ කර තිබෙනවා.

තවදුරටත් අදහස් දක්වමින් එම සංවිධානය පවසා සිටින්නේ සෑම විටම අලුත් දේ හොඳම දේ නොවන බවත්, ප්‍රතිපත්ති සම්පාදකයන් වැඩිදුර නොසිතා “ඩිජිටල් තාක්ෂණය” අධ්‍යාපනයට යොදාගැනීම පිළිබඳ සිය විරෝධය පළකරන බවයි.

කොවිඩ් – 19 සමය තුළ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීම වාසි සහගත වුවද දරුවා සහ ගුරුවරයා අතර පන්ති කාමරය තුළ සිදුවන ඉගැන්වීම් ක්‍රමවේදයෙන් ගොඩනැගෙන සමීප සම්බන්ධතාවය සිසුවෙකුට ඉතා වැදගත් වන බව යුනෙස්කෝව සඳහන් කරනවා.

Exit mobile version