Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023ජුලි මාසය ලොව උණුසුම්ම මාසය ලෙස හදුනා ගනී

2023ජුලි මාසය ලොව උණුසුම්ම මාසය ලෙස හදුනා ගනී

2023ජුලි මාසය ලොව උණුසුම්ම මාසය ලෙස හදුනා ගනී

මේ වසරේ ජුලි මාසය ලොව උණුසුම්ම මාසය ලෙස හදුනා ගත හැකි බව විද්‍යාඥයින් පවසනවා.

2019 වසරේ පැවති වාර්තාව මේ වසරේදී බිද වැටෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ මාසය අවසන් වීමට තවත් දින දෙකක් ඉතිරිව තිබියදී ඔවුන් මෙම තොරතුරු වාර්තා කර තිබෙනවා.

සියලු රටවල් ගෝලීය උෂ්ණාධිකම යුගයකට එළඹ ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කරනවා.

පසුගිය වසර එක්ලක්ෂ විසිදහස හා සැසදීමේදී 2023 ජුලි මාසය උණුසුම්ම මාසය ලෙසයි වාර්තා අතරට එක්වන්නේ. උණුසුම්ම දිනය ලෙස හදුනාගෙන තිබෙන්නේ ජුලි 6 වනදායි. කාලගුණ විපර්යාස මෙන්ම ගෝලීය උණුසුමද ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරන බව විද්‍යාඥයින් අවධාරණය කරනවා.

Exit mobile version