Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාව සහල් අපනයනය තහනම් කරයි

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක්

ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කර තිබෙනවා.

සහල් අපනයනය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගැනීමත් සමග ලෝක වෙළඳපලේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ආසියා සහල් වෙළඳපලට ඉන් දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.

ඉන්දියාව ගෝලීය විශාලතම සහල් සැපයුම්කරු ලෙසයි සැලකෙන්නේ.

ඔවුන් ලෝක වෙළදපලට සපයන සහල් ප්‍රමාණය අත්හිටුවීම හරහා ගෝලීය ආහාර අර්බුදය තවදුරටත් ඉහළ යනු ඇති බවට විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.

ඉන්දියාව තුළ සහල් මිල පාලනය කිරීම සදහා මෙම පියවර ගත් බවයි ඉන්දීය රජය නිවේදනය කරන්නේ.
ලොව බිලියන තුනකට අධික පිරිසක් සහල් පරිභෝජනය සිදුකරනවා.

Exit mobile version