Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආනයනය කරන ඖෂධවලින් 80%ක්ම ඉන්දියාවෙන්

ඇමෙරිකාවෙන් මෙරටට රු. කෝටි 1750ක ඖෂධ නොමිලේ

ඇමෙරිකාවෙන් මෙරටට රු. කෝටි 1750ක ඖෂධ නොමිලේ

ඖෂධවලින් සියයට අසූවක්ම ආනයනය කරන්නේ ඉන්දියාවෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසුවා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ බාල ඖෂධ යනු කුමක්දැයි අර්ථ කථනයක් නැති බැවින් බාල ඖෂධ යන්න තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කියා සිටියේ මෑතකාලීනව ඉන්දීය ණය ආධාර යටතේ ගෙන්වූ ඖෂධ භාවිත කරන බවයි. ඖෂධ නොගෙන්වන්නේ නම් මිනිසුන් මිය යන්නේ ඖෂධ නොමැතිකමින් බවද ඔවුන් කියා සිටියා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලමහතා පෙන්වා දුන්නේ පේරාදෙණිය රෝහලේ සිද්ධිය වන අවස්ථාවේ එම වාට්ටුවේම සිටි රෝගීන් 12 දෙනෙකුට එම ඖෂධය ලබාදී තිබූ බවයි.

මෙම වසර තුළ අදාළ ඖෂධය එක්ලක්ෂ හැට එක්දහසක් භාවිත කර තිබෙනවා.

රෝහල් සඳහා මෙම ඖෂධය දෙලක්ෂ තිස්දහසක් ලබාදී ඇති අතර එය 2013 ලියාපදිංචි කර ඇති ඖෂධයක් බවද අමාත්‍යවරයා පැවසුවා.

Exit mobile version