Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ ජාතික ශූරිය මැදපෙරදිග රාජ්‍යයක ගෘහ සේවයේ

කාන්තා රිට පැමිණීමේ ඉසව්වේ ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාවට හිමිකම් කියන සචිනි කෞෂල්‍යා පෙරේරා රැකියාවක් ලෙස මේ වනවිට මැදපෙරදිග රාජ්‍යයකට ගොස් ගෘහ සේවයේ යෙදී සිටින බව වාර්තා වේ.

එම ජාතික වාර්තාව අවස්ථා 09කදී අලුත්කර ඇති සචිනි කෞෂල්‍යා පෙරේරාගේ නම ඉදිරියේ යුද හමුදා වාර්තාව සහ ආරක්ෂක සේවා වාර්තාවද ලියැවී තිබේ.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඇය කුඩා කළ සිටම ක්‍රීඩාව සඳහා සිය ජීවිතයම කැපකරමින් 2018 සිට 2022 දක්වා අඛණ්ඩව රිටි පැනීමේ ජාතික ශූරිය බවට පත්වූවාය. නමුත් මේ සුවිශේෂී දක්ෂතා පෙන්වූ ඇයට දිගින් දිගටම එල්ල වූ ආර්ථික පීඩනය හමුවේ මෙලෙස වසරකට ආසන්න කාලයක් තිස්සේ ඩුබායි රාජ්‍යයේ නිවසක ගෘහ සේවිකාවක් බවට පත්වීමට සිදුව ඇත.

සචිනි කෞෂල්‍යා දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාල දියණියක් වන අතර අංශභාග රෝගයට ගොදුරුව සිටී. ඇගේ මව මේ වනවිට එක්තැන්ව සිටින බවත් තමාට මුහුණදීමට සිදුවූ මේ දේ තවත් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට සිදුනොවීමට ක්‍රීඩා බලධාරින්ගේ වගබලාගත යුතු බවත් ඇය පවසයි.
-Lankatruth

Exit mobile version