Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට සමස්ත ජනගහණයෙන් 34%, ලක්ෂ 79ක් කුසගින්නේ

මෙරට සමස්ත ජනගහණයෙන් 34%ක් එනම් ලක්ෂ 79ක් දෙනා ආහාර මිලදීගැනීමේ අර්බුදයට මුහුණපා සිටින බව අනාවරණය වේ.

ලර්න් ඒෂියා ආයතනය කරන ලද සමීක්ෂණයකින් මෙම තොරතුරු හෙළි වී ඇති බව 16 වෙනි දින නිකුත් කරන ලද ලංකාදීප පුවත්පතේ ලිපියක සඳහන් කර තිබේ. එහි තවදුරටත් දක්වා තිබෙන්නේ මෙරට නිවාස සංඛ්‍යාව මිලියන 5.97ක් වන අතර එයින් 32%ක් එනම් මිලියන 1.9ක් පදිංචි සාමාජිකයන්ගෙන් මිලියන 7.9ක් ආහාර මිලදීගැනීමේ අර්බුදයට මුහුණ දී ඇති බවයි.

මේ නිසා ගෘහ භාණ්ඩ, ගුවන්විදුල් යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර, සීතකරණ හෝ ස්වර්ණාභරණ පමණක් නොව පුටු මේස ඇඳන් යනාදිය පවා විකුණමින් ආහාර සපයා ගැනීමට පෙළඹී ඇති බව හෙළි කර තිබේ. එමෙන්ම ලෝක ආහාර වැඩසටහන හෙළි කර තිබෙන්නේ මෙරට සෑම පවුල් 10කින් 07ක්ම ආහාර වේල් ගණන දෙකකට සීමා කර ඇති බවයි. එම වැඩසටහනම හෙළි කර තිබෙන ආකාරයට සෑම පවුල් 10කින් 08ක්ම උපයන ආදායම ආර්ථික බංකොලොත් භාවයට පෙර ඉපයූ ආදායමට වඩා අඩු ආදායමක් බවය.

Exit mobile version