Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාව සහල් අපනයනය සීමා කිරීමට සූදානම් වෙයි

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක්

ඉහළ යන දේශීය භාණ්ඩ මිල ගණන් හේතුවෙන් සහ උද්ධමනය වැඩි වීමේ අවදානම වළක්වා ගැනීමට සිදු කරන පියවරක් ලෙසට සහල් අපනයනය කිරීම සීමා කිරීමට ඉන්දීය රජය සලකා බලමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව බාස්මතී නොවන සියලුම සහල් අපනයනය තහනම් කිරීමේ සැලැස්මක් පිළිබඳව අවදානය යොමු කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම තහනම ක්‍රියාත්මක වුවහොත් ඉන්දියාවේ සහල් අපනයනයෙන් 80%කට පමණ බලපෑම් එල්ල වෙයි. එමෙන්ම ඉන්දියාව රටවල් 100 කට වැඩි ගණනකට සහල් අපනයනය සිදු කරන බව සඳහන් වේ.

Exit mobile version