Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ෆේස්බුක් සාදයක් වටලා 12ක් අත්අඩංගුවට

ෆේස්බුක් සාදයක් වටලා 12ක් අත්අඩංගුවට

ෆේස්බුක් සාදයක් වටලා 12ක් අත්අඩංගුවට

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පන්විල, මඩොල්කැලේ ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ මත්ද්‍රව්‍ය සාදයකට සහභාගී වූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත පන්විල පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එම සාදයට කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 112 දෙනෙකු සහභාගී වී සිට ඇති අතර ඔවුන් පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබේ.

එහිදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 10 දෙනෙකු සහ සාදය සංවිධානය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

ඔවුන් සතුව තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 21ත් 33ත් අතර වයසේ පසුවන මාතර, නාරම්මල, අඹතැන්න, උකුවෙල, ගම්පොළ, නුවරඑළිය හා පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

Exit mobile version