Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණවලට නවසීලන්ත විශේෂඥ කණ්ඩායමක සහාය

රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණවලට නවසීලන්ත විශේෂඥ කණ්ඩායමක සහාය

රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණවලට නවසීලන්ත විශේෂඥ කණ්ඩායමක සහාය

රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණවලට සහාය ලබාදීම සදහා නවසීලන්ත විශේෂඥ කණ්ඩායමක් මෙරටට එවීමට නවසීලන්තය එකග වී තිබෙනවා.

නවසිලන්ත මහ කොමසාරිස්වරයා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවති හමුවේදීයි මෙම එකගතාවන්ට පැමිණ තිබෙන්නේ.

නවසිලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාව සමග සිදු කෙරෙන ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සහ කොළඹ සැලැස්ම යටතේ ලබාදෙන සහාය තවදුරටත් ඉහළ නංවන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේ.

මෙරට රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සදහා විශේෂඥ දැනුම ලබාදීමට නවසීලන්තය සූදානම් බවයි මහකොමසාරිස්වරයා සදහන් කළේ.

ඊට සහායවීම සදහා නවසිලන්තයේ හිටපු රාජ්‍ය සේවා කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි මහ කොමසාරිස්වරයා කියා සිටියේ.

Exit mobile version