Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රෙඩිට් කාඩ් පොලී පහළට

ක්‍රෙඩිට් කාඩ් පොලිය පහත දැම්මට තීරණයක්

ක්‍රෙඩිට් කාඩ් පොලිය පහත දැම්මට තීරණයක්

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු පොලී අනුපාතික පහළ දැමීමට මෙරට බැංකු කිහිපයක් විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මෙතෙක් 36%ක් ලෙස පැවති වාර්ෂික පොලී අනුපාතිකය 34%ක් දක්වා අඩු කරනු ලබන බව එම බැංකු විසින් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී ඇත.

මෙම ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතික සංශෝධනය, 2023 ජූලි 01දින සිට බලපැවැත්වෙන බව අදාළ බැංකු විසින් වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2023 අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට භාවිතයේ ඇති සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,929,984ක් බවයි. මෙය 2022 දෙසැම්බර් මාසය අවසානයේ පැවති 1,952,991ක්වූ කාඩ්පත් ප්‍රමාණයට වඩා කාඩ්පත් 23,007ක අඩුවීමකි.

Exit mobile version