Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කරයි,“MV Empress” කන්කසන්තුරය වරායට

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කරයි,“MV Empress” කන්කසන්තුරය වරායට

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කරයි,“MV Empress” කන්කසන්තුරය වරායට

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කර තිබෙනවා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් වැඩ අවසන් කළ කන්කසන්තුරය වරායේ මගී පර්යන්තය විවෘත කිරීම (16) වරාය, නාවික, ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇති බව සඳහන්.

පසුගිය පෙබරවාරි මස පළමුවනදා එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අතර මෙම ව්‍යාපෘතිය යටතේ මගී ප්‍රවාහන යාත්‍රා සේවය මගින් ප්‍රවාහන පහසුකම් ලබා ගන්නා දෙස් විදෙස් මගීන්ගේ ආගමන විගමන කටයුතු මෙන්ම රේගු නිශ්කාෂණ කටයුතු සිදුවනු ඇති.

එමෙන්ම කන්කසන්තුරය නව මගී පර්යන්තයේ අළුත්වැඩියා සහ නවීකරණ කටයුතු ඇතුළු අනෙකුත් පහසුකම් නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදුකෙරුණු අතර ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සිදු කර තිබෙනවා.

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දියාවේ සිට කන්කසන්තුරය වරායට පැමිණි “MV Empress” නැමති පළමු සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවේ කපිතාන් ඇතුළු මෙහෙයුම් කාර්ය මණ්ඩලය ද එක්ව ඇති බව සඳහන්.

Exit mobile version