Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු. කෝටි 1,500ක් වටිනා නීති විරෝධී දුම්වැටි මිලියන 200ක් විනාශ කෙරේ

දුම්වැටි අලෙවිය පහළට පෙර පාසල් වයසේ පසුවන දරුවන්ගෙන් 20%ක් පෙර පාසල් නොයන බව අනාවරණය වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ දරිද්‍රතාවය සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම තත්වය උද්ගතවී ඇති බවයි.

දුම්වැටි අලෙවිය පහළට

නීති විරෝධී ලෙස ආනයනය කෙරුණු විශාලතම දුම්වැටි තොගය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සහ ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන් ඉදිරියේ (15) පෙරවරුවේ දී මුතුරාජවෙල අපද්‍රව්‍ය බලශක්ති තාප බලාගාරයේ දී විනාශයට පත් කෙරිණි.

බහාලුම් 21කින් රැගෙන එන ලද අදාළ තොගයට දුම්වැටි මිලියන 200ක් විය. අමාත්‍යවරයා සඳහන් කළේ මෙම දුම්වැටි හේතුවෙන් රජයට අහිමි වීමට ගිය ආදායම රුපියල් බිලියන 13ක් බවයි. තොගයේ වටිනාකම රුපියල් බිලියන 15කට (රු. කෝටි 1,500කට) අධිකය.

2021 වසරේ දී මෙරටට ආනයන කර ඇති මෙම දුම්වැටි තොගය ශ්‍රී ලංකා රේගුවේ අනුගතවීම් සහ පහසුකම් සැලසීමේ අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැණිනි. ආනයනකරුවන් ඇතුළු පාර්ශ්ව වෙත රේගු ආඥා පනත යටතේ දඩ මුදල් නියම කිරීමෙන් පසු ඒවා රාජ සන්තක කෙරිණි.

Exit mobile version