Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අත්‍යාවශ්‍ය ඖෂධ 1,000ක් පමණ තිබෙන නමුත් එයින් මිල නියාමනයක් වන්නේ ඖෂධ 60ක පමණක් – GMOA

හොර දොස්තරලා 40,000ක් - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

හොර දොස්තරලා 40,000ක් - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ 1,000ක් පමණ තිබෙන නමුත් එයින් මිල නියාමනයක් වන්නේ ඖෂධ 60ක පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම නිසා පසුගිය කාලසීමාව තුළ ජනතාවට දැරීමට නොහැකි මට්ටමකට ඖෂධවල මිල ඉතා අධික ලෙස ඉහළ ගිය බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මේ වන විට ඩොලරයේ අගය යම් මට්ටමකට අඩු වී ඇති බැවින් එහි වාසිය නිසැකවම ජනතාවට ලැබිය යුතු බවත් එය ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඖෂධ ආනයනකරුවන් විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි ඖෂධවල මිල ඉහළ දමන බැවින් ඒ සඳහා රජය මැදිහත්ව කටයුතු කළ යුතු බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version