Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකානු බලශක්ති සමාගමක් වන RM පාර්ක්ස්, ෂෙල් සමාගම හා එක්ව මෙරට බලශක්ති වෙළඳපොළට

අමෙරිකානු බලශක්ති සමාගමක් වන RM පාර්ක්ස්, ෂෙල් සමාගම හා එක්ව මෙරට බලශක්ති වෙළඳපොළට

අමෙරිකානු බලශක්ති සමාගමක් වන RM පාර්ක්ස්, ෂෙල් සමාගම හා එක්ව මෙරට බලශක්ති වෙළඳපොළට

අමෙරිකානු බලශක්ති සමාගමක් වන RM පාර්ක්ස්, ෂෙල් සමාගම හා එක්ව මෙරට බලශක්ති වෙළඳපොළට එක්වීම සදහා වන ගිවිසුම්ගත වීම (08) දිනයේදී සිදුව තිබෙනවා.

“ෂෙල්” වෙළඳ සන්නාමය යටතේ මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන RM පාර්ක්ස් යනු ලංකාවට එකතුවන වන හතරවන ඉන්ධන සමාගමයි.

අද අත්සන් කළ ඉන්ධන වෙළඳපොළ ගිවිසුම් අනුව වසර විස්සක කාලයක් සඳහා එම සමාගමට ඉන්ධන ආනයන කිරීමේ, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අවසරය හිමිවන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගිවිසුම්ගත වී ඇති ඉන්ධන පිරවුම්හල් 150ක් මගින් එම ව්‍යාපාර ආරම්භ කරන අතර තවත් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමේ අවසරයද ඔවුනට ලැබෙනු ඇති බවයි වාර්තාවන්නේ.

ස්වයංක්‍රීය ඉන්ධන බෙදුම් යන්ත්‍ර, ඉලෙක්ට්‍රොනික වාහන ආරෝපණ යටිතල පහසුකම් සහ වෙළඳසැල්වලින් සමන්විත නව ඉන්ධනහල් සංකල්පයක් සමග ඔවුන් මෙරට ඉන්ධන වෙළඳපොළ නව තලයකට එක් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය සඳහන් කරනවා.

Exit mobile version