Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුද හමුදාව ප්‍රථම වරට ඩ්‍රෝන යානාවලින් කෘමි සහ වල්නාශක යොදයි

යුද හමුදාව ප්‍රථම වරට ඩ්‍රෝන යානාවලින් කෘමි සහ වල්නාශක යොදයි

යුද හමුදාව ප්‍රථම වරට ඩ්‍රෝන යානාවලින් කෘමි සහ වල්නාශක යොදයි

ශ්‍රී ලංකා යුද හමුදාව වර්ථමානයේ නවීන හා විද්‍යාත්මක පිළිවෙත් අනුගමනය කරමින් ප්‍රථම වරට ඩ්‍රෝන තාක්‍ෂණය භාවිතා කරමින් නියමු ව්‍යපෘතියක් වශයෙන් (02) ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථාන සංකීර්ණය අවට ඇති අක්කර 8.5ක හමුදාව විසින් වගාකරනු ලබන වී වගාවන් සඳහා කෘමිනාශක සහ වල්නාශක ඉසීම සිදු කළේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර මහතාගේ සංකල්පයක් මත මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ විය. මෙමගින් අඩු පිරිවැයකින් කෘමිනාශක සහ වල්නාශක අවශ්‍ය ප්‍රමාණයට අස්වැන්න සඳහා යෙදවීම අපේක්‍ෂා කරයි.

පළමු අදියරේදී යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.කේ රාජපක්ෂ ආර්එස්පී සහ 2වන (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කපිතන් ඩබ්ලිව්.ඒ.ඒ.කේ.වයි වික්‍රමසිංහගේ අධීක්‍ෂණය යටතේ ‘Sri Pola Pvt Ltd’ ආයතනය හා ඊට අනුබද්ධ ඇති ‘Aerogeni Pvt Ltd’ ආයතනය සමඟ එක්ව මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කරන ලදී.

Aerogeni Pvt Ltd ආයතනයෙහි නියෝජිතයින් තිදෙනෙකු ඩ්‍රෝන යානා සහ අදාල උපකරණ භාවිතා කරමින් ශ්‍රී ජයවර්ධනපුර, 2 වන (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය මගින් පාලනය වන කුඹුරු යායේ කෘමිනාශක සහ වල්නාශක ඉසීමේ කටයුතු සිදු කළහ.

Exit mobile version