ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා.
ඊට අදාලව පැවති ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 123ක් සහ විපක්ෂව ඡන්ද 77ක් හිමිවුණා.
(24) පෙරවරුවේ ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරය අහිමි වූවද ජනතාවට සේවය කිරීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
(24) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ ඒ සඳහා සිවිල් හා ආගමික සංවිධාන රැසකින් සහය හිමිවන බවයි
ඒ තුළින් විකෘති වී ඇති දේශපාලනය ප්‍රකෘතිමත් කිරීමට බලාපොරොත්තුවන බවද ඔහු එහිදී සඳහන් කළා.