Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවිදිමත් ලෙස බැහැර කරන කුකුළු පැටවුන් ගැන විශේෂ තීරණයක්

අවිදිමත් ලෙස බැහැර කරන කුකුළු පැටවුන් ගැන විශේෂ තීරණයක්

අවිදිමත් ලෙස බැහැර කරන කුකුළු පැටවුන් ගැන විශේෂ තීරණයක්

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ගොවිපොළවලින් කුකුළු පැටවුන් අවිදිමත් ලෙස බැහැර කිරීම වහා අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

වසර කිහිපයක් පුරා මෙම ගොවිපළවලින් උපත ලබන කුකුළු පැටවුන් මාසයකට 5000කට ආසන්න ප්‍රමාණයක් ඌරන්ට කෑම සඳහා යොදවන බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඉදිරියේදී අඩු ආදායම්ලාභී සහ රැකියා විරහිත තරුණ පිරිසට මස් පිණිස කුකුළු පාලනය සිදු කිරීමට එම සතුන් ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

Exit mobile version