Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂමෙන් ඉදිරි ජනාධිපතිවරණයට

ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂමෙන් ඉදිරි ජනාධිපතිවරණයට

ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂමෙන් ඉදිරි ජනාධිපතිවරණයට

ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා.

ඊට අදාලව පැවති ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 123ක් සහ විපක්ෂව ඡන්ද 77ක් හිමිවුණා.

(24) පෙරවරුවේ ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරය අහිමි වූවද ජනතාවට සේවය කිරීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

(24) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ ඒ සඳහා සිවිල් හා ආගමික සංවිධාන රැසකින් සහය හිමිවන බවයි

ඒ තුළින් විකෘති වී ඇති දේශපාලනය ප්‍රකෘතිමත් කිරීමට බලාපොරොත්තුවන බවද ඔහු එහිදී සඳහන් කළා.

Exit mobile version