Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිදහසින් පසු මිය ගිය අය සැමරීම වෙනුවෙන් ස්මාරකයක්

පීඩාවට පත් වූ ව්‍යවසායයන් නැවත ස්ථාවර කරන්න ලබා දෙන මූල්‍ය සහන ඉහළ නැංවීමට අනුමැතිය

පීඩාවට පත් වූ ව්‍යවසායයන් නැවත ස්ථාවර කරන්න ලබා දෙන මූල්‍ය සහන ඉහළ නැංවීමට අනුමැතිය

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන්, ජනවාර්ගික ගැටුම් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මිය ගිය අය සැමරීම වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වාර්ගිකත්වය, ආගම, දේශපාලන මතවාදය හෝ වෙනත් හේතුන් මත පදනම් වූ ඕනෑම ආකාරයක ගැටුම්, පුරවැසියාගේ යහපැවැත්මට අහිතකරවන අතර ජාතියේ ඉදිරි ගමනටද එය බාධාවක්වන අතර අතීතයේ කටුක අත්දැකීම් මගින් එය සනාථ කර ඇති බව කැබිනට් තීරණ දැනුම් දීමේ පත්‍රිකාවේ සඳහන්වනවා.

මෙම ස්මාරකය සංහිඳියාවේ සහ ප්‍රතිසන්ධානයේ සංකේතයක් ලෙස කොළඹ නගරයේ සුදුසු ස්ථානයක ඉදිකිරීමට අපේක්ෂිත බවයි සඳහන් වන්නේ.

Exit mobile version