Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මහ බැංකුවෙන් දැනුම්දීමක්

බැංකු බලපත්‍ර ගාස්තු ඉහළට

බැංකු බලපත්‍ර ගාස්තු ඉහළට

ආනයන සඳහා ණයවර ලිපි නිකුත් කිරිමේදී ඊට එරෙහිව ආන්තික මුදල් තැන්පතුවක් පවත්වා ගැනීමට අදාළව නිකුත් කර තිබූ විධාන වහාම ක්‍රියාත්මක වනපරිදි ඉවත් කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු දැනුවත් කර ඇති බව මහ බැංකුව පවසයි.

2022 වසරේ මැයි 19 වනදා බැංකු පනතේ නියෝගයක් ලෙස ණයවර ලිපි නිකුත් කිරීමේදී 100%ක ආන්තික නැත්පතුවක් පවත්වා ගත යුතු බවට දැනුම් දී තිබු අතර, 2023 වසරේ පෙබරවාරි 17වනදා නිකුත් කළ තවත් නියෝගයකින් අදාළ ආනයන ලයිස්තුවට තවත් භාණ්ඩ පෙළක් එක්කරනු ලැබීය.

නව විධානයට අනුව එම නියෝග වහා ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

Exit mobile version