Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෝටර් රථ අපනයනයෙන් චීනය, ජපානය අභිබවා යයි

මෝටර් රථ අපනයනයෙන් චීනය, ජපානය අභිබවා යයි

මෝටර් රථ අපනයනයෙන් චීනය, ජපානය අභිබවා යයි

ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු ලෙස වැජඹුණු ජපානය අභිබවා යාමට චීනය සමත් වී තිබේ.

චීන බලධාරීන් පවසන්නේ 2023 වසරේ පළමු කාර්තුවේ ඔවුන් මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇති බවත්, එම කාලය තුළදී ජපානය අපනයනය කර ඇත්තේ මෝටර් රථ 954,185ක් පමණක් බවය.

මේ අතර විචාරකයින් පවසන්නේ ඉන්ධන භාවිතයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ වෙනුවට විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයට චීනය ප්‍රමුඛත්වය ලබා දීම ඔවුන්ගේ වාසියට හේතුවී ඇති බවය. මේ වනවිට ලොවපුරා බොහෝ රටවල් සිය රථවාහන අවශ්‍යතාව සපුරාගැනීමේදී විද්‍යුත් රථවාහන ආනයනය සඳහා ප්‍රමුඛතාවක් ලබාදීමද මෙම තත්ත්වයට හේතුවී තිබේ.

2022 වසරේදී ඊට පෙර වසරවලට වඩා චීන විද්‍යුත් මෝටර් රථ අපනයනය 90%කින් වර්ධනය වී ඇති බවද සඳහන් වෙයි.

Exit mobile version