Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටවල් හතරකට කිතුල් නිෂ්පාදන අපනයනය කිරීමට යයි

රටවල් හතරකට අපනයනය කිරීමට යන කිතුල් නිෂ්පාදන

රටවල් හතරකට අපනයනය කිරීමට යන කිතුල් නිෂ්පාදන

ඇහැලියගොඩ කිතුල් ව්‍යාපෘතියේ නිෂ්පාදන, රටවල් හතරකට අපනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, කිතුල් නිෂ්පාදන අපනයනය තුළින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකිව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය ප්‍රකාශ කළා.

එම නිෂ්පාදන කිතුල් පැණි, කිතුල් හකුරු හා කිතුල් රා මේ වන විට අමෙරිකාව, ඩුබායි, ස්විට්සර්ලන්තය හා ඕමානය ඇතුළු රටවල් හතරකට අපනයනය කරනු ලබනවා.

මෙම වැඩසටහන යටතේ පවුල් 600කට අවශ්‍ය තාක්ෂණය, මුල්‍ය ආධාර හා නිෂ්පාදන අලෙවි කිරීමට හැකි වෙළෙඳපොළ හඳුන්වා දීම මගින් ඉතාමත් සාර්ථකව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් කිතුල් නිෂ්පාදන අපනයනය කිරීම මගින් මාසිකව එක් කිතුල් ගොවියෙක් රුපියල් එක් ලක්ෂ පනස්දහසක ආදායමක් උපයන බවද ඇය පැවසුවා.

Exit mobile version