Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හයිටි රාජ්‍යයේ සිවිල් යුද්ධයක් ඇති වීම නොවැළැක්විය හැකියි – මානව හිමිකම් සංවිධාන

හයිටි රාජ්‍යයේ සිවිල් යුද්ධයක් ඇති වීම නොවැළැක්විය හැකියි - මානව හිමිකම් සංවිධාන

හයිටි රාජ්‍යයේ සිවිල් යුද්ධයක් ඇති වීම නොවැළැක්විය හැකියි - මානව හිමිකම් සංවිධාන

හයිටි රාජ්‍ය තුළ සිවිල් යුද්ධයක් ඇති වීමට ඉතාමත් ආසන්න මට්ටමේ පවතින බවට මානව හිමිකම් සංවිධාන අනතුරු අඟවයි.

හයිටි රාජ්‍ය මුහුණ දී සිටින ආහාර අර්බුදය මෙන්ම කැරළිකාර කණ්ඩායම් සිවිල් ජනතාව අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් සිවිල් යුද්ධයක් ඇති වීම නොවැළැක්විය හැකි මට්ටමට පැමිණ ඇති බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

අපරාධ සිදුකරන සන්නද්ධ කණ්ඩායම් හා සිවිල් වැසියන් අතර ගැටුම් හට ගැනීම උත්සන්න වී ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාමත් සමග හටගෙන ඇති ආහාර අර්බුද තත්ත්වය තවත් දරුණු අතට පත් කර ඇති බවද සඳහන් වේ.

ඇතැම් ප්‍රදේශන්හි ජනතාවට පිරිසිදු පානීය ජලය පවා නොමැති බවයි වාර්තා වෙයි.

ඝාතනයට හෝ පැහැර ගැනීමට ලක්වීමට ඉඩ ඇති බැවින් ඇතැම් ප්‍රදේශන්හි ජනතාව රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහල් ගත වීමද සිදු නොකරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version