Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුඩානයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කළ ශ්‍රී ලාංකිකයින් 34 දෙනෙකුගෙන් 14 දෙනෙකු දිවයිනට

සුඩානයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කළ ශ්‍රී ලාංකිකයින් 34 දෙනෙකුගෙන් 14 දෙනෙකු දිවයිනට

සුඩානයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කළ ශ්‍රී ලාංකිකයින් 34 දෙනෙකුගෙන් 14 දෙනෙකු දිවයිනට

සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 18දෙනෙකු එරටින් ඉවත් වීම ප්‍රතික්ෂේප කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළේ, ඔවුන්ගේ රැකියා අහිමි වනු ඇති බව පවසමින් එම පිරිස තවදුරටත් සුඩානයේ රැඳී සිටිමට කැමැත්ත පළ කළ බවය.

මේ වන විට සුඩානයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කළ ශ්‍රී ලාංකිකයින් 34 දෙනෙකු ඉවත් කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කර තිබේ.

ඉන් 14 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර තවත් 6 දෙනෙකු සෞදි ආරාබියාවේ ජෙඩා වෙත ළඟා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේය.

තවත් ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු පොර්ට් සුඩාන් හි රැඳී සිටින අතර එම පිරිසද කඩිනමින් දිවයිනට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version