Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජංගම දුරකතන යෙදුම් 14ක් ඉන්දීය රජය විසින් අවහිර කරයි

ජංගම දුරකතන යෙදුම් 14ක් ඉන්දීය රජය විසින් අවහිර කරයි

ජංගම දුරකතන යෙදුම් 14ක් ඉන්දීය රජය විසින් අවහිර කරයි

ජම්මු කාශ්මීර් වෙත තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා පාකිස්තානයේ ත්‍රස්තවාදීන් විසින් භාවිතා කරන ලද ජංගම දුරකතන යෙදුම් 14ක් ඉන්දීය රජය විසින් අවහිර කර තිබෙනවා.

එම යෙදුම් අතර Crypviser, Enigma, Safeswiss, Wickrme, Mediafire, Briar, BChat, Nandbox, Conion, IMO, Element, Second line, Zangi, Threema ඇතුළත් වන බව සඳහන්.

මෙම යෙදුම් කාශ්මීරයේ ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ ආධාරකරුවන් සහ ගොඩබිම් සේවකයින් (OGW) සමඟ සන්නිවේදනය කිරීමට භාවිතා කරන බව‍යි වාර්තා වී ඇත්තේ.

මීට පෙර ඉන්දියාවේ ආරක්ෂාව, රාජ්‍යයේ ආරක්ෂාව සහ මහජන සාමයට අගතියක්” බවට චෝදනා කරමින් ඉන්දීය රජය විසින් චීන යෙදුම් රැසක්ද තහනම් කර තිබෙනවා.

Exit mobile version