Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කම්

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කම්

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කම්

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව තවත් ලෝකඩ පදක්කමක් දිනා ඇත.

(30)වැනි දා පස්වරුවේ පැවති මීටර 400 කඩුලු මතින් දිවීමේ බාලක ඉසව්වට එක් වු අඹගමුව ජාතික පාසලේ අයෝමාල් අකලංක විසින් එම ලෝකඩ පදක්කම දිනාගනු ලැබීය. ඒ තත්පර 51.40ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

මේ අතර (29)වැනි දා පැවති මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ අවසන් තරගයට එක් වූ ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ කසුනි නිර්මලී වික්‍රමසිංහ එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය. ඒ විනාඩි 2යි තත්පර 17.4ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

බාලක උස පැනීමේ ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නිලුපුල් පැහැසර එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේය. ඒ මීටර් 2.01ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

Exit mobile version