Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාර්ගය අවහිර වන ආකාරයෙන් රථ වාහන නවතා තබන රියදුරන්ට එරෙහිව නීතිය දැඩි වෙයි

මාර්ගය අවහිර වෙන ආකාරයෙන් රථ වාහන නවතා තබන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව

මාර්ගය අවහිර වෙන ආකාරයෙන් රථ වාහන නවතා තබන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව

මාර්ගය අවහිර වෙන ආකාරයෙන් රථ වාහන නවතා තැබීමේ දී එම රථ වාහන රැගෙන යාමට සිදුවන බවත්, අදාළ රථ වාහන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවටත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා, (30)වැනි දා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර ඇත.

එමෙන්ම එලෙස වාහනය රැගෙන යාමේ දී පොලිසියට දැරීමට සිදුවන වියදමද අදාළ රථයේ හිමිකරුට ගෙවීමට සිදුවන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ, අනුව මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහන සහ පුද්ගලයින්ට අවහිරවන අයුරින් නොසැලකිළිමත් ලෙස රථ ධාවනය සිදු නොකරන ලෙසට ඔහු රියදුන්ගෙන් ඉල්ලීමක් ද කරයි.

Exit mobile version