Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොහොට්ටුවට නව සභාපතිවරයෙක්! මහ සභා රැස්වීමේ තීරණ නීති විරෝධීයි! – පොහොට්ටුවේ හිටපු සභාපති

පොහොට්ටුවට නව සභාපතිවරයෙක්; මහ සභා රැස්වීමේ තීරණ නීති විරෝධීයි - පොහොට්ටුවේ හිටපු සභාපති

පොහොට්ටුවට නව සභාපතිවරයෙක්; මහ සභා රැස්වීමේ තීරණ නීති විරෝධීයි - පොහොට්ටුවේ හිටපු සභාපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් ජේෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමීන්වහන්සේ පත්වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම බත්තරමුල්ල, නෙළුම් මාවත,පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (22) පෙරවරුවේ පැවැත්වීණි.

මෙම මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නිලධාරි මණ්ඩලය පත් කර ගැනීම සිදු කෙරුණු අතර ඒ අනුව නව සභාපතිවරයෙක් තෝරා ගන්නා ලදී. සෙසු හිටපු නිලධාරීහු නැවත එම තනතුරුවලටම පත් වූහ.

පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමිපාණන් වහන්සේ මහසභාවේ ඒකත් ඡන්දයෙන් පත්කර ගත්හ.

මේ අතර (22) පැවැත්වූ මහා සභා රැස්වීම කිසිසේත්ම නීත්‍යානුකූල නොවන බවත් එම මහ සභා රැස්වීමේ තීරණ නීති විරෝධී බව ප්‍රකාශ කිරීමට සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම රැස්වීමේදී ගන්නා ලද සියලුම තීරණ ශුන්‍ය සහ ක්‍රියාවිරහිත වන බවත් ඒවාට කිසිම වලංගුතාවක් නොමැති බවත් පීරිස් මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version