Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

NGOවල සේවය සඳහා පැමිණෙන විදේශිකයන් සඳහා චක්‍රලේඛණයක්

2023 දී රාජ්‍ය නොවන සංවිධානවල(NGO) සමාජ ආර්ථික දායකත්වය බිලියන 32ක්

2023 දී රාජ්‍ය නොවන සංවිධානවල(NGO) සමාජ ආර්ථික දායකත්වය බිලියන 32ක්

රාජ්‍ය නොවන සංවිධාන වල සේවය සඳහා පැමිණෙන විදේශිකයන් සඳහා විසා ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් සහ කාර්‍යක්ශම කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛණයක් නිකුත් කර තිබේ.

එහිදී මාර්ගගත (online) ක්‍රමයට විසා ලබා දීම සහ වාස වීසා (Residence Visa) වලංගු කාලය වසරක් දක්වා දිගු කිරීමටද කටයුතු කර තිබේ.

ඒ අනුව විසා ලබා ගැනීම සඳහා www.eta.gov.lk වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීමෙන් අයදුම් කල හැක.

රාජ්‍ය නොවන සංවිධාන සංවිධාන වල සේවය සඳහා පැමිණෙන විදේශිකයන්ගේ පහසුව සහ එමඟින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීම පිළිබඳව සලකා බලා අදාළ චක්‍රලේඛණය නිකුත් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සංජීව විමලගුණරත්න කටයුතු කර තිබේ.

මෙම චක්‍රලේඛය රාජ්‍ය නොවන සංවිධාන වෙතින් ලැබුණු ඉල්ලිම්, දුක් ගැනවිලි සහ යෝජනා සියල්ල සලකා බලා ඔවුන් සමඟ සාකච්ඡා කර නිකුත් කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

Exit mobile version