Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙල්බර්න් නුවරදී ශ්‍රීලන්කන් ගුවන් යානයක් පමාවීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රීලන්කන් ගුවන් යානයක් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පමාවීම සම්බන්ධයෙන් එරට සිටින සිය නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබේ.

පැය ගණනාවක් මෙල්බර්න් ගුවන්තොටුපොලේ අපහසුතාවයට පත් ගුවන් මගීන්ට හැකි උපරිම ආකාරයෙන් පහසුකම් සැලසීමට පියවර ගත් බවද ශ්‍රීලන්කන් ගුවන් සමාගම පවසයි.

එමෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කළේ මෙම සිදුවීමේදී තම සමාගම ප්‍රමුඛත්වය ලබාදුන්නේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බවය.

අප්‍රේල් 15 වනදා එනම් පසුගිය සෙනසුරාදා ඔස්ට්‍රේලියා වේලාවෙන් පස්වරු 4.10ට මෙල්බර්න් නුවරින් පිටත්ව කොළඹ දක්වා පියාසර කිරීමට නියමිතව තිබු UL-605 දරන ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයේ ගමන් වාරය අනපේක්ෂිත ලෙස ප්‍රමාද විය. ඒ එම ගුවන්යානයේ ඇතිවු දෝෂයක් හේතුවෙනි.

ඒ සමග එම ගුවන්යානයෙන් මෙරටට පැමිණීමට නියමිතව සිටි ගුවන් මගීන් මෙල්බර්න් ගුවන්තොටුපොලේදී දැඩි අපහසුතාවයට පත්විය. එහිදී මගීන් චෝදනා කළේ, ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් කිසිදු වගකිවයුතු නිලධාරීයෙකු හෝ එහි නොපැමිණි බවය.

කෙසේවෙතත් යානයේ ඇතිවූ දෝෂ නිවැරදි කිරීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සමාගම ඉංජිනේරුවන් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සෙනසුරාදා රාත්‍රීයේම මෙල්බර්න් වෙත පිටත් කර යැවූ බව වාර්තා විය.

ගුවන් යානයේ දෝෂ නිවැරදි කිරීමෙන් අනතුරුව පැය 30 කට ආසන්න කාලයක් ප්‍රමාද වූ ශ්‍රීලන්කන් ගුවන් යානය මගීන් 218 ක් රැගෙන මෙරට වේලාවෙන් (16) රාත්‍රී 10ට මෙල්බර්න් ගුවන්තොටුපොලෙන් ගුවන් ගත කෙරුණි. යානය කටුනායකට ළඟාවූයේ (17) උදෑසන 7.40ට පමණය.

Exit mobile version