Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අප්‍රේල් 21 ජන පවුරක් හදනවා – මැල්කම් කාදිනල් රංජිත් හිමියන්

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අප්‍රේල් 21 ජන පවුරක්

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අප්‍රේල් 21 ජන පවුරක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරෙන එළඹෙන සිකුරාදා යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර දක්වා ජන පවුරක් සකස් කරන බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්, (17)වැනි දා අගරදගුරු මැදුරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි ප්‍රකාශකර සිටියේය.

එමෙන්ම මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකටද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මෙලෙස පිළිතුරු ලබා දුන්නේය

“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සත්‍ය සහ යුක්තිය ඉල්ලා අප්‍රේල් 21 සිකුරාදා ශක්තිමත් ජන පවුරක් ඉදිකරන්න ජාති ආගම් භේදයකින් තොරව එකතුවෙන ලෙසට අපි අපේ රටේ සියලුම පුරවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ජන පවුර හදන්නේ අප්‍රේල් 21 උදේ 8 සිට පෙරවරු 9 දක්වා කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවපිටිය දේවස්ථානය දක්වා කොළඹ මීගමු මහ මාර්ගයේ.”

“අපි මඟ දෙපස පාරේ ගමන් කරන වාහනවලට හෝ පුද්ගයින්ට බාධාවක් නොවන ආකාරයෙන් පාර දෙපස හිටගෙන ඉන්නවා පමණයි. අප්‍රේල් 21 පෙරවරු 8.45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන්නට කටයුතු කරනවා. පෙරවරු 9 සිට ආගමික මෙහෙයන් සිදුකරනවා.”

මාධ්‍යවේදියා – දඩ මුදල් නියමවූ සමහර අය කියනවා පිටකොටුව බෝ ගහ අසලට ගිහින් එම මුදල එකතු කරනවා කියලා?

කාදිනල් හිමියන් – “ඒ අය දැනගන්න ඕනේ ඒ සල්ලි හොයලා දෙන්න. එයාලට ඒවා කරන්න බැරිකමක් ඇති පුද්ගලයෝ නෙමෙයි. පිටකොටුවේ බෝ ගහ ළඟ එකතු කළත් මට ප්‍රශ්නයක් නැහැ.. වගකීම ඉෂ්ට නොකර කරපු විනාශයට වන්දි ගෙවන්න ඕනේ. ඉන්දියානු බුද්ධි අංශ 04 පාරක් දැන්වුවා. එදා උදේ පණිවුඩයවත් ගණන් ගත්තේ නැහැ. එක call එකක් දුන්නානම් පල්ලි ටික වහනවා.”

“ප්‍රහාරයට යුක්තිය ඉෂ්ට කරනවා කියා පොරොන්දු වෙලා පොරොන්දු ඉෂ්ට නොකරපු ජනාධිපතිට ගෙදර යන්න වුණා. අපි ගිහින් එළියට ඇදලා දැම්මා නෙමෙයි. ඒක යම් අධ්‍යාත්මික අත්දැකීමක්. සත්‍ය යටපත් කරන්න කවුරුහරි කටයුතු කරනවා නම් ඒ අයට සිද්ධ වෙන්නෙත් අර දේමයි. ඒ බව මතක තියාගන්න ඕනේ.”

Exit mobile version