Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගිණුම් වාර්තා නිසි පරිදි යොමු නොකරන දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් තීරණයක්

මැතිවරණ කොමිසමට අලුත් සාමාජිකයෙක්

මැතිවරණ කොමිසමට අලුත් සාමාජිකයෙක්

මෙතෙක් ගිණුම් වාර්තා නිසි පරිදි භාර නොදුන් දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම එහි අදාල අංශවලට උපදෙස් ලබා දී තිබේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, පසුගිය (11) රැස් වූ අවස්ථාවේදී එම තීරණය ගත් බවයි.

2021 වර්ෂයට අදාලව ඇතැම් දේශපාලන පක්ෂ සිය ගිණුම් වාර්තා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බව කොමිසම පැවසීය.

කොමිසම පැවසුවේ, දින 14ක් ඇතුළත 2021 වර්ෂයට අදාල ගිණුම් වාර්තා මැතිවරණ කොමිසම වෙත යොමු කරන්නැයි දේශපාලන පක්ෂවලට ලිඛිතව දැනුම් දුන් බවයි. ඒම කාල සීමාව පසුගිය සතියෙන් අවසන් විය.

ගිණුම් වාර්තා නිසි පරිදි යොමු නොකරන දේශපාලන පක්ෂ, පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට ඇති හිමිකම් අවසන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

Exit mobile version