Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අයර්ලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතුරු පාලක මණ්ඩලය ගැන හොයන්න කැබිනට් අනුකමිටුවක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

ඒ අනුව එම සංචිතයට තරගාවලි කිහිපයකින් විවේක ගන්වා තිබු දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය යළි කැඳවා ඇති අතර නවකයින් ලෙස කඩුළු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම සහ පිටදඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා තිබේ.

කෙසේවෙතත් නිමාවු නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා නම්කර තිබු නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නට මෙවර ටෙස්ට් කණ්ඩායමේ සිය ස්ථාන අහිමි වී ඇති බව සඳහන්.

ඊට අමතරව වේගපන්දු යවන ක්‍රීඩකයින් වන කසුන් රාජිත සහ ලහිරු කුමාරද මෙම තරඟාවලියෙන් විවේක ගන්වා තිබේ.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා අයර්ලන්ත කණ්ඩායම පසුගිය සතියේ දිවයිනට පැමිණි අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 16වනදා ගාල්ලේ දී ආරම්භවීමට නියමිතය.

Exit mobile version