Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුරෝපා සංගමයේ පරිත්‍යාගයක් ලෙස යුරියා මෙට්‍රික් ටොන් 3800ක්

යුරෝපා සංගමයේ පරිත්‍යාගයක් ලෙස යුරියා මෙට්‍රික් ටොන් 3800ක්

යුරෝපා සංගමයේ පරිත්‍යාගයක් ලෙස යුරියා මෙට්‍රික් ටොන් 3800ක්

ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙරට යළ කන්නයේ භාවිත කිරීම සඳහා යුරියා මෙට්‍රික් ටොන් 3800ක් මෙරටට ලබාදී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, එම පොහොර තොගය ලබන සතියේ මෙරටට ලැබෙන බවයි.

යුරෝපා සංගමයේ පරිත්‍යාගයක් ලෙසට එය මෙරටට ලබාදී ඇත. මේ අතර තවත් යුරියා මෙට්‍රික් ටොන් 31000ක් යළ කන්නයේ භාවිත කිරීම සඳහා මෙරටට ලැබීමට නියමිතව ඇත.

නීති විරෝධීව ගෙන්වන ලද සහ ප්‍රමිතියෙන් බාල කෘමි නාශක ද්‍රව්‍යවලට අදාළ වැටලීම් වැඩි කිරීමටත් ඒවා සොයා බලා අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසටත් පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයාට දන්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, ඊට අදාළ දඩයද සංශෝධනය කරන මෙන් ඉල්ලා ඇති බවයි.

Exit mobile version