Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ 9 දෙනකුට රු.ලක්ෂ 9ක දඩ

බර අනුවත් බිත්තරේට මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

බර අනුවත් බිත්තරේට මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ 9 දෙනකුට අඟුණකොළපැලැස්ස අධිකරණය රු.ලක්ෂ 9ක දඩ නියම කර තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි.

මෙලෙස දඩ නියම කරනු ලැබ ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

බිත්තර වැඩි මිලට විකිණීම සම්බන්ධයෙන් මේ වන විට වැටලීම් 376කට ආසන්න ප්‍රමාණයක් රට පුරා සිදු කර ඇති අතර, වැඩි මිලට බිත්තර අලෙවි කරන සහ බිත්තර සඟවා තබා ගන්නා වෙළෙඳුන්ට එරෙහිව වැටලීම් සහ නඩු පැවරීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

බිත්තර වැඩි මිලට අලෙවි කිරීමට වැරදිකරු වන තනි පුද්ගල ව්‍යාපාරයකට රු.ලක්ෂයේ සිට රු.ලක්ෂ 5 දක්වාත්, සමාගමකට රු. ලක්ෂ 5 සිට රු.ලක්ෂ 50 දක්වාත් දඩ මුදල් නියම වේ.

සුදු බිත්තරයක් රුපියල් 44කටත් රතු බිත්තරයක් රුපියල් 46කටත් අලෙවි කළ යුතු බවට නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

Exit mobile version