Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව ප්‍රතිත්‍රස්ත පනත දරුණු ජනපීඩක පනතක් – කොළඹ අගරදගුරුතුමෝ

නායකයින්ගෙන් අසන්නේ සමරන්නේ කාගේ නිදහසද? - කාදිනල් හිමි

නායකයින්ගෙන් අසන්නේ සමරන්නේ කාගේ නිදහසද? - කාදිනල් හිමි

1979 ගෙනා පැරැණි ත්‍රස්තවාදී පනතට වඩා නව ප්‍රතිත්‍රස්ත පනත දරුණු ජනපීඩක පනතක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.

එය ජනපීඩක වහල් බව හා ඒකාධිපති වියරුව රට තුළ ප්‍රචලිත කරන පනතක් බැවින් එය හෙළා දකින බවද උන්වහන්සේ පැවැසූහ. කොළඹ 8, අගරදගුරු මැදුරේ (04) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව පැවැසූ උන්වහන්සේ මෙසේද කීහ.

මෙම පනතට පක්ෂව ඡන්දය පාවිච්චි කරන යමෙකු වේද ඔවුන් මේ රට හා එහි ජනතාවට ආදරය නොකරන්නන් බව කිව යුතුය. මෙම පනත ගෙන එන හෝ එයට පක්ෂව ඡන්දය දෙන අය කරාම එය ඉදිරියේදී භූමරංගයක් වනු ඇති බවද අගරදගුරුතුමෝ කීහ.

Exit mobile version