Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

LPL ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර ජූලි මස 31 වනදා සිට

LPL තරගාවලියට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක්

LPL තරගාවලියට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර එළඹෙන ජූලි මස 31 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තරගාවලිය අගෝස්තු මස 22 දක්වා පැවැත්වීමට නියමිත බවයි.

තරගාවලිය සඳහා සහභාගී වන එක් පිළකට ක්‍රීඩකයින් 20 දෙනෙකු තෝරා ගැනීමට හැකියාව පවතින අතර ඒ සඳහා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් කරගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

කණ්ඩායම් 5කින් සමන්විත තරගාවලිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 3 කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Exit mobile version