Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ ආයතන මූල්‍ය ප්‍රකාශන නියමිත කාලසීමාවේදී භාර නොදීමෙන් විගණන කටයුතුවලට බාධාවක් – විගණකාධිපති

රජයේ ආයතන මූල්‍ය ප්‍රකාශන නියමිත කාලසීමාවේදී භාර නොදීමෙන් විගණන කටයුතුවලට බාධාවක් - විගණකාධිපති

රජයේ ආයතන මූල්‍ය ප්‍රකාශන නියමිත කාලසීමාවේදී භාර නොදීමෙන් විගණන කටයුතුවලට බාධාවක් - විගණකාධිපති

රජයේ ආයතන රැසක මූල්‍ය ප්‍රකාශන නියමිත කාලසීමාවේදී භාර නොදීමෙන් විගණන කටයුතුවලට බාධා මතුව ඇතැයි විගණකාධිපති ඩබ්ලිව්. පී .සී. වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, රාජ්‍ය ආයතන සෑම වසරකම පෙබරවාරි 28වැනි දින වනවිට සිය මූල්‍ය ප්‍රකාශයන් විගණනය සඳහා ඉදිරිපත් කළ යුතු බවයි.

අදාළ රාජ්‍ය ආයතන භාර, අමාත්‍යංශ ලේකම්වරුන් විසින් එම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වන අතර විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඇතැම් රාජ්‍ය ආයතන වසර 5ක මුල්‍ය ප්‍රකාශ එකවර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය.

එය නිවැරදි ක්‍රියාවලියක් නොවන බැවින් තමාට එම වාර්තා භාර ගැනීමට නොහැකි බවද, විගණකාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මූල්‍ය ප්‍රකාශයන් භාරදීම ප්‍රමාදවීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද මෙරටට ණය ප්‍රදානය කිරීමේදී පනවා ඇති කොන්දේසි ඉටු කිරීමටද බාධා එල්ල විය හැකි බවයි.

Exit mobile version