Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දැවැන්ත පරිසර හානියක් සිදු කළ මාමඩවල වැලි ජාවාරමේ ස්කැවේටර් යන්ත්‍ර 07ක් සමඟ සැකකරුවන් 15 අත්අඩංගුවට

දැවැන්ත පරිසර හානියක් සිදු කළ මාමඩවල වැලි ජාවාරමේ ස්කැවේටර් යන්ත්‍ර 07ක් සමඟ සැකකරුවන් 15 අත්අඩංගුවට

දැවැන්ත පරිසර හානියක් සිදු කළ මාමඩවල වැලි ජාවාරමේ ස්කැවේටර් යන්ත්‍ර 07ක් සමඟ සැකකරුවන් 15 අත්අඩංගුවට

අම්බලන්තොට මාමඩවල ජන්සන්ගම පිහිටි අක්කර 05ක කුඹුරු යායක බලපත්‍ර නොමැතිව ප්‍රසිද්ධියේම මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය වැලි කැණීමේ ජාවාරමක් අනාවරණය කරගත් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් වැලි කියුබ් 500ක් සහ වැලි කැණීමට යොදාගත් ස්කැවේටර් යන්ත්‍ර 07ක් සමඟ සැකකරුවන් 15 දෙනකු (27) අත්අඩංගුවට ගනු ලැබීය.

භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ නීති අංශයේ නිලධාරීන් සමඟ එක්ව කළ මෙම වැටලීමේ දී පෙනී ගොස් ඇත්තේ මෙම කුඹුරුයාය තුළ වැලි කැණීමට, මඩ සොදා වැලි සකස් කිරීමට, වැලි ගබඩා කිරීමට සහ විකිණීමට කිසිදු බලපත්‍රයක් මෙහි වැලි කැනීම්වල නිරතව සිටි පුද්ගලයන්ට නොමැති බවය.

දැවැන්ත පරිසර හානියක් සිදුකරමින් කළ මෙම ජාවාරම කිසිදු පොලිසියක හෝ විශේෂ පොලිස් අංශයක වැටලීමකට ලක්වී නැති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මහා දවාලයේ යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් මහා පරිමාණයෙන් සිදුකරන මෙම වැලි කැණීමේ ස්ථානය මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරීන් විසින් භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සමඟ එක්ව වටලා ඇත්තේ උපාය දූතයන් යොදා මෙම ස්ථානය ගැන සොයා බැලීමකින්ද අනතුරුවය.

මෙම ස්ථානය වැටලීමේ දී විවිධ බාධා පවා මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරීන්ට එල්ලවී ඇත. එම බාධා හමුවේ සැකකරුවන් අත්අඩංගුවට ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් ක්‍රියාකර තිබේ.

මෙම වැටලීම කරන අවස්ථාව වන විට එම ස්ථානයේ ස්කැවේටර් යන්ත්‍ර 14ක් තිබී ඇතත් වැලි කැනීම්වල යොදවා තිබී ඇත්තේ යන්ත්‍ර 07ක් පමණක් වූ බැවින් එම යන්ත්‍ර 07 පමණක් සිය භාරයට ගැනීමට මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරීන් පියවර ගෙන ඇත.

එම ස්කැවේටර් යන්ත්‍රවලට අමතරව පස් සෝදා වැලි පාදා ගන්නා වොෂින් ප්ලාන්ට් 03ක්, පස් සේදීමට ජලය ලබාගැනීමට යොදා ගන්නා වතුර මෝටර් 04ක්, මෙම යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට විදුලිය ලබා ගැනීමට යොදාගත් විදුලි ජනක යන්ත්‍ර 03ක්, ස්කැවේටර් යන්ත්‍රවලට ඉන්ධන ලබාගැනීමට රැගෙනවිත් තිබුණු ඩීසල් ලීටර් 1,000ක් අඩංගු ටැංකියක් තැබූ කැන්ටර් වර්ගයේ රථයක් ද මෙම ස්ථානයේ තිබී මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සිය භාරයට ගෙන ඇත.

Exit mobile version