Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2030 වනවිට ගෝලීය පිරිසිදු ජලය සඳහා ඇති ඉල්ලුම සැපයුමට වඩා 40% ඉහළ යා හැකි

2030 වනවිට ගෝලීය පිරිසිදු ජලය සඳහා ඇති ඉල්ලුම සැපයුමට වඩා 40% ඉහළ යා හැකි

2030 වනවිට ගෝලීය පිරිසිදු ජලය සඳහා ඇති ඉල්ලුම සැපයුමට වඩා 40% ඉහළ යා හැකි

2030 වසර වනවිට ගෝලීය පිරිසිදු ජලයට ඇති ඉල්ලුම සපුරාලීමට නොහැකි වනු ඇති බවට නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

2030 වසර වනවිට ගෝලීය පිරිසිදු ජලය සඳහා ඇති ඉල්ලුම සැපයුමට වඩා 40% කින් පමණ ඉහළ යා හැකි බවටයි ජල ආර්ථික විද්‍යාව පිළිබඳ ගෝලීය කොමිසම සඳහන් කරන්නේ.

ජලයෙහි අයිතිය සම්බන්ධයෙන් නිර්නායකයන් නිකුත් කළ නොහැකි අතර සියලු සත්වයින්ට එය අයත් ලෙස සලකා කටයුතු කළ යුතු බවටද එම කොමිසම සඳහන් කරනවා.

පිරිසිදු ජලය සපයා ගැනීමේ අර්බුදයන්ට මේ වනවිටත් ලොව රටවල් රැසක ජනතාව මුහුණදී සිටින බවටයි ජල ආර්ථික විද්‍යාව පිළිබඳ ගෝලීය කොමිසම නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

පසුගිය වසරේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමද පිරිසිදු ජලය අවමවීමට බලපා ඇති බවයි එහි සඳහන් වන්නේ.

එමෙන්ම ඉදිරි වසරයන්හිදී හටගන්නා ගංවතුර, නියං, කුණාටු හා තාප තරංග වැනි ස්වාභාවික ආපදා ඉදිරියේ තත්ත්වය තවත් දරුණු අතට හැරීමට ඉඩ ඇති බවටද එම කොමිසම පවසනවා.

Exit mobile version