Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ගණන් 20% කින් පමණ අඩු කර තිබෙනවා – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ගණන් 20% කින් පමණ අඩු කර තිබේනවා - ගුවන් සේවා අමාත්‍යවරයා

ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ගණන් 20% කින් පමණ අඩු කර තිබේනවා - ගුවන් සේවා අමාත්‍යවරයා

අමෙරිකානු ඩොලරයේ මිල අඩු වීමට සමානුපාතිකව ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ගණන් අඩු කරන ලෙස මෙරට ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින්ගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව, ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ගණන් 20% කින් පමණ අඩු කර ඇති බවට, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ඉදිරියේ දී ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු මිල ගණන් තවදුරටත් අඩු කිරීමට එම සමාගම් පොරොන්දු වී ඇති බව සිරිපාල ද සිල්වා අමාතවරයා සඳහන් කරයි. මෙරට ක්‍රියාත්මක වන ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවක දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පල කර තිබෙනවා.

එම සකච්ඡාවේ දී අනාවරණය වී ඇත්තේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් අඩු වීමත් සමග සංචාරකයින් විශාල පිරිසක් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි.

ඒ අනුව ගුවන් සේවා 7ක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර භුමි මෙහෙයුම්වල යම් ප්‍රමාදයන් හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ යම් මගී තදබදයක් පවතින බවද අදාළ සාකච්ඡාවට සහභාගී වූ ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින් පෙන්වා දී තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ ගුවන් මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සමාගම වෙත පැවරීමට තීරණය කර ඇති බවයි.

Exit mobile version