Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම නිසා දරුවන්ගේ සාක්ෂරතාවය දරුණු පසුබෑමකට ලක් වී ඇත

කෝවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීමේ බලපෑම

කෝවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීමේ බලපෑම

කෝවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනයට සිදු වූ බලපෑම පිළිබද සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය සංගණනයක් සිදු කර තිබේ.

එහිදී මෙරට දරුවන්ගේ සාක්ෂරතා මට්ටම දරුණු පසුබෑමකට ලක්ව ඇති බව ආනවරණ වී ඇත.

2021 දෙසැම්බර් මාසයේ සිට 2022 ජනවාරි මාස දක්වා කාලය තුළදී කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ට සිදුවූ බලපෑම පිළිබඳ මෙමගින් සොයා බලා තිබේ.

සෑම පළාතක්ම ආවරණය වන පරිදි පාසල් 1,009ක 3වන ශ්‍රේණියේ දරුවන් දස දහසක් යොදා ගනිමින් සවන් දීම, කථන හැකියාව, කියවීම, ලිවීම, සංඛ්‍යා හා මූලික ගණිත දැනුම ඇතුළු අංශ කිහිපයක් ඔස්සේ මෙම සංගණනය සිදු කර ඇත.

එහිදී අනාවරණවී ඇත්තේ එම පිරිසෙන් සියයට 90කට පමණ ප‍්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ සංඛ්‍යා පිළිබඳ දැනුමක් නොමැති බවයි. ඒ සඳහා සහභාගී වූ දරුවන්ගෙන් සවන්දීමේ කුසලතාව සාක්ෂාත් කරගෙන තිබුණේ සියයට 27ක් පමණි.

කථන කුසලතාවට මුහුණ දුන් දරුවන්ගෙන් සියයට 20ක් පමණක් සමත්වී තිබූ අතර සියයට 80ක පිරිස එය අසමත්වී තිබේ.

සමීක්ෂණයට සහභාගී වූ දරුවන්ගෙන් සියයට 37 දෙනෙකු කියවීමේ කුසලතාව සම්පූර්ණ කර තිබූ අතර ලිවීමේ කුසලතාව සම්පූර්ණ කිරීමට සමත්වී තිබුණේ සියයට 34ක ප‍්‍රතිශතයක් පමණි.

සංඛ්‍යා දැනුම පරීක්ෂා කිරීමේදී සියයට 7ක ප‍්‍රතිශතයක් එය සමත්ව ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ මෙම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පාසල් වසා දමා තිබූ කාලසීමාව තුළ දරුවන්ගෙන් සියයට 26කට ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් සඳහා ප‍්‍රවේශයක් ලැබි නොමැති බවයි.

Exit mobile version