Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රිෂ් සහ ඩෙස්ටිනි ගොඩනැගිලි ද්විත්වය යළි රජයට පවරා ගැනීමට සූදානම් – නාගරික සංවර්ධන අධිකාරිය

ක්‍රිෂ් සහ ඩෙස්ටිනි ගොඩනැගිලි ද්විත්වය යළි රජයට පවරා ගැනීමට සූදානම් - නාගරික සංවර්ධන අධිකාරිය

ක්‍රිෂ් සහ ඩෙස්ටිනි ගොඩනැගිලි ද්විත්වය යළි රජයට පවරා ගැනීමට සූදානම් - නාගරික සංවර්ධන අධිකාරිය

මහින්ද රාජපක්ෂ රජය සමයේ මත භේදයට තුඩු දුන් ක්‍රිෂ් සහ ඩෙස්ටිනි ගොඩනැගිලි ද්විත්වය යළි රජයට පවරා ගැනීමට සූදානම් වන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පැවසුවේ, මේ සඳහා කැබිනට් ප්‍රත්කාවක්ද ඉදිරිපත් කිරීමට සූදානම් වන බවයි.

ක්‍රිෂ් සහ ඩෙස්ටිනි ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ලබා දී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියට හිමි ඉඩම් වන අතර ඒවා දීර්ඝ කාලීන බදු පදනම යටතේ අදාළ ආයෝජන වෙනුවෙන් නිදහස් කර තිබූ ඒවා බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

මේ නිසා එම ඉඩම් යළි පවරා ගැනීමට සිය අධිකාරියට හැකියාව ඇති බවත් මෙම වයාපෘතිවලට අදාළ තක්සේරුව ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පැවසීය.

කොළඹ චැතම් වීදියේ ඉදිවෙමින් පැවති ක්‍රිෂ් ගොඩනැගිල්ල සහ කොළඹ 02 ඉදිවෙමින් පැවති ඩෙස්ටිනි ගොඩනැගිලි සැලසුම් කර තිබුණේ වාණිජමය සහ මහල් නිවාස පහසුකම් සැපයීම සඳහායි.

ඉන්දියානු සහ පාකිස්ථාන ආයෝජකයින් කෝවිඩ් වසංගතය ආරම්භයත් සමග ඉදිකිරීම් නවතා දැමීය.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මෙම ගොඩනැගිලි දෙකෙහිම නිවාස වෙන් කිරීම සඳහා පාරිභෝගිකයින් මුදල්ද ගෙවා ඇති බවයි.

ක්‍රිෂ් ව්‍යපෘතිය පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට හේතුවූ අතර ඒ ආශ්‍රිත ඇතැම් ගනුදෙනු විමර්ශනවලට පවා හේතුවිය.

Exit mobile version