Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රායෝගික විසඳුම් තුළින් මහජන පීඩා අවම කිරීමට රජය කටයුතු කළ යුතුයි – මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්

ප්‍රායෝගික විසඳුම් තුළින් මහජන පීඩා අවම කිරීමට රජය කටයුතු කළ යුතුයි - මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්

ආර්ථික අර්බුදයේ සමස්ත බර ජනතාව මත පැටවීම වෙනුවට රජය මුදල් නිසි ලෙස කළමනාකරණය කොට දූෂණය පිටුදැකීම, රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම, මහජන නියෝජිතයින් භුක්තිවිදින අසීමිත වරප්‍රසාද ඉවත් කිරීම, වැනි ප්‍රායෝගික විසඳුම් තුළින් මහජන පීඩා අවම කිරීමට රජය කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයාට දැනුම් දෙමින් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් විසින් විශේෂ ලිපියක් නිකුත් කොට තිබේ.

මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමියන් ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ පළාත්පාලන මැතිවරණය කල් දැමීම ජනතාව අතර යම් නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම යනු නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීමක් බවත් ජනතා පරමාධිපත්‍යයට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකයෙකු ලෙස සම්භාවනාවට පාත්‍ර වී ඇති ඔබතුමන්ද මනාව දන්නා කාරණාවකි. එහෙයින් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීමක් බවද එහි සඳහන්ව ඇත.

Exit mobile version