Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වායු දූෂණ තත්ත්වය යළි ඉහළට – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

වායු දූෂණ තත්ත්වය යළි ඉහළට - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

වායු දූෂණ තත්ත්වය යළි ඉහළට - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල (11) පෙරවරුවේ වායු දූෂණ තත්ත්වය තරමක් ඉහළ මට්ටමක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

නුවරඑළිය, මහනුවර සහ මඩකලපුව හැරුණු කොට බොහෝ ප්‍රදේශවල සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑමක් එල්ල විය හැකි අහිතකර වායු තත්ත්වයක් (11) පෙරවරුවේ පැවති බව එහි පාරිසරික අධ්‍යයන හා සේවා අංශය සඳහන් කර ඇත.

අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව 66ක අගයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්, 100ක අගයක් මහනුවර දිස්ත්‍රික්කයෙන් සහ 80ක අගයක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණද සෙසු සැම දිස්ත්‍රික්කයකම එම අගය සියය ඉක්මවා ගොස් තිබේ.

වැඩි ම අගයක් කොළඹ නගරයෙන් වාර්තා වී තිබුණු අතර එම අගය සටහන් වී තිබුණේ 166ක් ලෙසය. පුත්තලම දිස්ත්‍රික්කයෙන් 154ක අගයක් වාර්තා වී ඇත.

එම අගයන් සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබේ.

Exit mobile version