Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ෂී ජින්පින් 3වැනි වරටත් චීනයේ ජනාධිපති ධුරයට පත්කර ගනී

ෂී ජින්පින් 3වැනි වරටත් චීනයේ ජනාධිපති ධුරයට පත්කර ගනී

චීන ජනාධිපති ෂී ජින්පින් තෙවැනි ධුර කාලයක් සඳහා ජනාධිපති ධුරයට පත්කර ගැනීම සිදුවිය. ඒ, චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය ඒ සඳහා හිමිවීමෙන් පසුවය.

බටහිර ධනපතිවාදයට එරෙහිව, චීන කොමියුනිස්ට් විප්ලවය මෙහෙයවූ මාඕ සේතුංගෙන් පසු එරට ජනාධිපති ධුරයට පත්වුණු බලවත්ම නායකයා ලෙස සැලකෙන්නේ ෂී ජින්පින්ය.

ෂී ජින්පින් චීන ජනාධිපති ධුරයට පත්වූයේ 2012 දීය. දේශපාලන විශ්ලේෂකයන්ට අනුව, චීනයට නායකත්වය දෙන වඩාත් ලිබරල්වාදී ජනාධිපතිවරයා වන්නේද ෂී ජින්පින්ය.

පිටපිට තෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත් වුණු 69 හැවිරිදි ෂී ජින්පින් ඉදිරි දින දෙක ඇතුළත කැබිනට් මණ්ඩල සාමාජිකයන් පත් කර ගැනීම සිදු කරනු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. වත්මන් චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං දිගටම එම ධුරයේ කටයුතු කරනු ඇතැයි ද චීන මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version