Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙකටම ලැබෙන්නේ 8% ඡන්ද ප්‍රතිශතකයක්

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙකටම ලැබෙන්නේ 8% ඡන්ද ප්‍රතිශතකයක්

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙකටම ලැබෙන්නේ 8% ඡන්ද ප්‍රතිශතකයක්

පළාත් පාලන මැතිවරණය පිළිබඳව කර ඇති තාක්ෂණික පර්යේෂණවල ප්‍රතිඵල අනුව ආණ්ඩුවට සියයට 10ක පමණ ඡන්ද ප්‍රතිශතකයක් ලැබෙනු ඇති බවත් මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයේදී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙකටම සියයට 8ක පමණ සුළු ඡන්ද ප්‍රතිශතකයක් ලැබෙන බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා (06) පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දුන් ඓතිහාසික නඩු තීන්දුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රණාමය පුද කරන බව කී ජී. එල්. පීරිස් මහතා ආණ්ඩුවට අකමැත්තෙන් හෝ මැතිවරණයකට මුහුණ දීමට සිදුවන බවද සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මැදහත්වීමෙන් මැතිවරණයට ඇති බාධා සියල්ලම ඉවත් කිරීම මැතිවරණ කොමිසමට ප්‍රබල සහයක් බවත් නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කළ රාජ්‍ය නිලධාරීන් 3500කට සිදුවී ඇති අගතියට මැතිවරණ කොමිසම මැදිහත් විය යුතු බවත් ඒ මහතා කීය.

මැතිවරණ කොමිසන් සභාව හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශ කළ යුතු බව කී ඒ මහතා සඳහන් කළේ පොලිස්පතිවරයා, මුද්‍රණාලාධිපතිවරිය ක්‍රියාකලාපය අවසන් කර මැතිවරණ පැවැත්වීමට සහාය දිය යුතු බවත්ය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ස්වාධීනව කටයුතු කිරීමේ බලය ලැබී ඇති බව කී පීරිස් මහතා පැවසුවේ එය මග හැරියොත් එය බරපතළ වරදක් බවත්ය.

Exit mobile version