Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශීය ටින් මාලු සදහා SLS ලාංඡනය අනිවාර්යයි

දේශීය ටින් මාලු සදහා SLS ලාංඡනය අනිවාර්යයි

දේශීය ටින් මාලු සදහා SLS ලාංඡනය අනිවාර්යයි

දේශීය ටින් මාලු සදහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ එස්එල්එස් ලාංඡනය අනිවාර්ය කර තිබෙනවා.

මෙම ලාංජනය නොමැති ටින්මාලු ඇත්නම් ඒ පිළිබදව සෘජුවම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැමිණිලි කළ හැකි බවයි එම ආයතනය සදහන් කළේ. ඇතැම් දේශීය ටින්මාලු වර්ග එස්එල්එස් ප්‍රමිති ලාංඡනය නොමැති බවට වෙළෙදපොලට පැමිණෙන බවද ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය සදහන් කළා. මේ වන විට දේශීය ටින්මාලු නිෂ්පාදන ආයතන 14 කට අයත් වෙළෙදනාම 37ක් සදහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය නිකුත්කර තිබෙනවා.

මේ අතර තලවකැලේ නගරයේ වෙළෙදසැල් පරික්ෂා කිරීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට හැකිවුණා. මෙලෙස සොයා ගත් ආහාර වහා විනාශ කිරිමටයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කළේ. ආපනශාලා හිමියන්ට අවවාදකිරීම් සිදු කෙරුණු අතර අදාළ ආපන ශාලා යළිත්වරක් අධීක්ෂණය කිරීමට නියමිතයි. ඇතැම් වෙළෙදුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතයි.

Exit mobile version